ඝන වනාන්තර වැඩි කරන්න ගුවන් හමුදාව ගුවනින් බීජ ඉසියි


 

 

ඉන්දිකා රාමනායක.
 
මෙරට පවතින ඝන වනාන්තර ප්‍රමාණය වර්ධනය කිරීම සඳහා  ගුවන් හමුදාව අද  (13)  ප්‍රථම වතාවට නොච්චියාගම රනෝරාව  රජයේ වනාන්තරයේ  අක්කර   පහක භූමියකට ගුවනින් බීජ ඉසින ලද බව ගුවන් හමුදාව පවසයි.

2030 වනවිට  ආවරණ භූමි  27%  සිට 32% දක්වා   වර්ධනය කිරීම මූලික අරමුණයි.

ගුවන් හමුදාවේ  එම්. අයි. 17   හෙලිකොප්ටර් යානයකින්  මෙම බීජ ඉසීම කර ඇත.

කරද, මී, කූඹුක් ඇතුළු  රෝපණ මාධ්‍ය 16 ක්  ඇතුළත් කරමින් බීජ 5000 ක් පමණ   ඉස ඇතැයි ගුවන් හමුදාව කියයි.

 ජාතික ආරක්ෂාවට අමතරව රටේ අනාගත පරම්පරාව  වෙනුවෙන්  හරින අනාගතයක්  දායද කිරීම   අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතියට දායක වූ බව ගුවන් හමුදාව පවසයි.