චිත්‍රශිල්පී සොයිලිස් මෙන්ඩිස් වෙනුවෙන් මුද්දරයක්


කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳීමෙන් ලොව පුරා ජනාදරයට පත් චිත්‍ර ශිල්පියකු වූ සොයිලිස් මෙන්ඩිස්  මහතා වෙනුවෙන් අද (08) තැපැල් මූලස්ථානයේදී මුද්දරයක් නිකුත් කෙරිණි.

ඒ මහතාගේ නම බොහෝ දෙනා ව්‍යවහාර කරනුයේ සෝලියස් ලෙස වුවද, එය සොයිලියස් ලෙස හෝ සොයිලිස් ලෙස නිවැරදි විය යුතුය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය නිකුත් කළ මෙම මුද්දරය රු. 15.00ක වටිනාකමකින් යුතුය.

මුද්දරය සඳහා සිතුවම නිර්මාණය කරන ලද්දේ  පොත්පිටියගේ ඉසුරු චතුරංග විසිනි.

 (ඡායාරූප - ගයාන්  අමරසේකර )