චීනයෙන් ලැබුණු P625 නෞකාව කොළඹ වරායට


(ළහිරු හර්ෂණ)
 
මහජන චීන සමූහාණ්ඩුව මගින්  ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පිරිනමන ලද P625 නෞකාව අද(08)  කොළඹ වරායට සේන්දුවිය.

ජූනි 05 වන දින ලංකාවට ලබාදුන් මෙම නෞකාව ජූනි 25 වන දින චීනයෙන් පිටත්වී ඇත.

1994 වර්ෂයේ දී චීනයේ නිෂ්පාදිත මෙම නෞකාවේ දිග මීටර්112 ක් වන අතර පළල මීටර්12.4 වේ. මෙම නෞකාවේ ඉදිරිපස මිලිමීටර් 100ක  ද්විත්ව  අවියක් ද  නෞකාවේ පසුපස මිලිමීටර් 37ක ද්විත්ව අවියක්ද ඇත.

මෙම නෞකාවේ අණදෙන නිලධාරියා වශයෙන් කපිතාන් එන්.කේ.බී. විජේසිංහ මහතා කටයුතු කරන අතර  එහි කාර්ය මණ්ඩලය 110 කි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති චේග් සූයුවාන් මහතා, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයෝ පිරිසක් හා නෞකාවේ කාර්ය මණ්ඩලයේ  සාමාජිකවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.