ජනපති අපේක්ෂක යාපනයට දුම්රියෙන්


(ඩයනා උදයංගනී)

           

ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා මේ දිනවල උතුරු නැගෙනහිර පළාත්වල සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරතව සිටී.

මහේෂ් සේනානායක මහතා මීට දෙදිනකට පමණ පෙර කොළඹ සිට යාපනය දක්වා ගමන් කළේ දුම්රියෙනි.

ඔහු ඇතුළු පිරිසට යාපනය දුම්රිය ස්ථානයේ දී ඉහළ පිළිගැනීමක් හිමිවූයේ සර්ව ආගමික ආශීර්වාදයන්ද සමඟිනි.

නාගදීප විහාරස්ථානයට ද ගොස් ආශීර්වාද ලබාගත් මහේෂ් සේනානායක මහතා යාපනයේ ජනතාව අතරට පා ගමනින්ම ගොස් තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත විය.

පසුව නැගෙනහිර පළාත වෙත පැමිණි මහේෂ් සේනානායක මහතා අද උදෑසන ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ජනතාව මුණ ගැසී තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත වූයේය.

මහේෂ් සේනානායක මහතා හෙට (2)  දිනයේදී මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැත්වෙන ජන හමුවකට සහභාගී වීමට නියමිතය.