ජනපති නෙළුම් කුළුනේ නිරීක්ෂණ චාරිකාවක


ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) එක් විය.

අදාළ ඉංජිනේරුවන් සමග සුහද කථා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබද විමසා බැලු ජනපති ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් ලබා දුන්නේය. 

ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුළුනේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹූම් මැදිරියක් ද ඉදිකිරීමට නියමිතය. මෙම සියලූ ඉදිකිරීම් ලබන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව ද මෙහිදී ඉංජිනේරුවෝ ප්‍රකාශ කළහ.

 

(ඡායාරුප-ජනාධිපති මාධ්‍ය අංශය)