ජනපති පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට


හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් අද (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.
 
මෙම අවස්ථාවට අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද එක්ව සිටියේය.

ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය