ජනපති මෛත්‍රී කැන්බරා නුවරදී මහෝගනී පැළයක් සිටුවයි


(අජන්ත කුමාර අගලකඩ ඕස්ට්‍රේලියාවේ සිට)

ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් කැන්බරා නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරවරුවේ කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

උද්‍යානය වෙත පැමිණි ජනපති පිළිගනු ලැබුවේ එම ප්‍රාන්තයේ නීතිපති  ගෝර්ඩ්න් රම්සේ සහ උද්‍යානයේ අධ්‍යක්ෂ ස්කොට් සැඩ්ලර් යන මහත්වරුන් විසිනි.
සිය සංචාරය සනිටුහන් කරමින් උද්‍යානයේ මහෝගනී පැළයක් ද රෝපණය කළ ජනපති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. මේ අතර ජනපති සිරිසේන මහතා අද කැන්බරා නුවර මවුන්ට් මජුරා හි සූර්ය තාප බලාගාරයක් නැරඹීමට ද එක්විය.