ජනපති මෛත්‍රී තරුණ සමුළුවේදී


අවංක, කි‍්‍රයාශීලි සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්ව ඇති බව පැවසූ ජනපති දූෂණ, වංචා සහ හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතා කර සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරනවානම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමින් පැවසීය.

විසඳුමට ජවයක්, තේමාව යටතේ දිවයිනම ආවරණය වන පරිදි තරුණ තරුණියන් 12,000 ගේ පමණ සහභාගිත්වයෙන් තරුණ සමුථව පැවැත්විණි. 2004 වසරෙන් පසුව වසර 13 කට පසු මෙම සමුථව පැවැත්වීම සුවිශේෂී වන අතර මෙතෙක් කාලයක් තම ගැටලූ ඉදිරිපත් කළ තරුණ ප්‍රජාව මෙවර ගැටලූවලට විසදුම් හා යෝජනා රැගෙන සමුථවට එක්වීම ද විශේෂත්වයකි.