ජනපති මෛත්‍රී රුසියා අගමැති හමුවෙයි


රුසියාවේ  ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ ආරාධනයෙන් රුසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියා අගමැති දිමිත්‍රි මෙද්වදේව් මහතා අතර නිල හමුව අද (24) දහවල් මොස්කව් නුවරදී පැවැත්විණි.    මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර ඇමැතිවරුද එම අවස්ථාවට එක්වූහ.