ජනපති සමූපකාරයේ මිතුරන් හමුවෙයි


එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත අද (12) දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.