ජනපතිට - අකිලට ජන ප්‍රසාදක සම්මාන


ශ්‍රී  ලංකා ප්‍රාචීන  භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අද (29)  පැවැත්විණි.

මෙහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේ වෙත සම්මාන පණ්ඩිත උපාධිය ජනාධිපතිවරයා අතින් පිරිනැමුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  ‘විබුධ ජන ප්‍රසාදක’ සම්මාන උපාධිය පිරිනැමිණි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ‘විද්වත් ජන ප්‍රසාදක’ සම්මාන උපාධිය  පිරිනැමිණි.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )