ජනපතිට ඕස්ට්‍රේලියා ආග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී විශේෂ පිළිගැනීමක්


ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට අග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී අද(25) සංවිධානය කර තිබිණි.

දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසු ජනපති ඊට සහභාගිවූ අතර එහිදී අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් පීටර් ක්‍රොස්ග්‍රෝව් මහතා සහ එම මහත්මිය ජනපති පිළිගනු ලැබූහ. ආචාර වෙඩිමුර 21 ක් හා හමුදා උත්තමාචාර පිරිනමමින් උත්කර්ශවත්ව මෙම පිළිගැනීම සිදුවූ අතර දෙරටේ ජාතික ගීයන් ද වාදනය කෙරිණි.