ජනපතිට දකුණු කොරියාවේදී උණුසුම් පිළිගැනීමක්


දකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට සෝල් ගුවන්තොටුපළේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ඒ සඳහා කොරියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චෝ හියුන්, ජාතික ආරක්ෂක ප්‍රධානී චුන්ග් එයි යොන්ග් ඇතුළු ප්‍රභූවරු රැසක් එක්ව සිටියහ.

කොරියා නිල ජනපති නිවස වන @TheBlueHouseKR යන නිල ට්විටර් ගිණුම හරහා ශ්‍රී ලංකා ජනපතිගේ පැමිණීම ඉහළ තලයේ තබා පණිවුඩ කිහිපයක් නිකුත් කර තිබුණු අතර මෑතකදී කොරියාවට පැමිණි ඉහළ පෙළේ නායකයන් අතරින් මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ප්‍රමුඛස්ථානයක් දී තිබිණි.

ඔවුන් පවසා සිටින්නේ, කොරියාව හා ශ්‍රී ලංකාව අතර වසර 40 ක් පැවතී රාජත්‍රාන්තික සබඳතාව වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකා ජනපති කොරියාවට පැමිණීම ගැන ඔවුන් ඉමහත් සතුටින් පසුවන බවත්, දෙරට අතර මිත්‍රත්වය ඉහළ නැංවීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ය.