ජනමාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් සමුළුවක්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ජනමාධ්‍ය අමාත්‍යංශය සහ යුනෙස්කෝ ජාත්‍යන්තර ආයතනය එක්ව සංවිධානය කළ ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂ සමුළුවක් අද(4) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය සහ අපරාධ අවසන් කිරීමේ එක්සත් ජාතීන්ගේ දිනය මූලික කරගනිමින් ‘ආසියාව තුළ භාෂණයේ නිදහස සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය‘ යන තේමාව යටතේ පැවැති සමුළුවේ ප්‍රධානියා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අතර යුනෙස්කෝ සංවිධානයේ භාෂණයේ නිදහස සහ මාධ්‍ය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ගයි බර්ජර් ද ඊට එක්විය.

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන යන මහත්වරුන්ද විදේශීය මාධ්‍යවේදීන් රැසකගේ ද සහභාගීත්වයෙන් පැවැති සමුළුවට ශ්‍රී ලංකාවේ මුද්‍රිත හා විද්‍යුත් සෑම මාධ්‍ය ආයතනයක්ම නියෝජනය කරමින් මාධ්‍යවේදීහු පිරිසක් ද එක්ව සිටියහ.