ජපානයේ හිම කඳු කඩා වැටී 8 ක් මරුට


(බී බී සී පුවත් ඇසුරිණි-085)

ජපානයේ ටෝකියෝ නගරයට උතුරින් ටොචිගි දිස්ත්‍රික්කයේ නසූ ප්‍රදේශයේ හිම කඳු කඩාවැටීමකින්  පාසල් සිසුන් 07 දෙනකු සහ ගුරුවරයකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පාසල් හතක උසස් අධ්‍යාපනය ලබන සිසුන් සහ ගුරුවරුන් 70 ක පමණ කණ්ඩායමක් අනතුර සිදුවන අවස්ථාවේ මෙම ප්‍රදේශයේ කඳුනැගීමේ ක්‍රියාකාරකමක යෙදෙමින් සිට ඇත.

අයහපත් කාලගුණික තත්වය නිසා මුදවාගැනීමේ කණ්ඩායම් වලට මෙම ස්ථානයට ලඟාවීම අපහසු වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතිය පුරාම ප්‍රදේශයේ අධික හිම පතනයක් පැවති බවද වාර්තා වෙයි

 

(ඡායාරූප-ඒඑෆ්පී ඇසුරිණි)