ජයලත් මනෝරත්නයන්ගේ දේහයට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි


ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජයලත් මනෝරත්න මහතාගේ දේහයට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) අවසන් ගෞරවය දැක්වීය.

විපක්ෂ නායකවරයා ජයලත් මනෝරත්නයන්ගේ බිරිඳ ජයන්ති මනෝරත්න ,පුතා භානුක මනෝරත්න , දියණිය ඉන්දීවරී මනෝරත්න යන මහත්ම මහත්මීන් වෙත ශෝකය ප්‍රකාශ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. 

ප්‍රවීණ රංගන ශිල්පිනියන්වන නිල්මිණි  සිගේරා, දමිතා අබේරත්න සහ මාලි ජයවීර යන මහත්මීන්ද දේහයට අවසන් ගෞරවය දැක් වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ජයලත් මනෝරත්නයන්ගේ දේහය මේ වනවිට බොරලැස්ගමුව  අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)