ජලය බොන්න ආ මුවන් මදු තියා ඝාතනය කළ අයෙක් අල්ලයි



 
අනීෂා මානගේ
 
මදු තබා මුවන් සිව් දෙනෙකු ඝාතනය කර මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට කඳවුරේ නිළධාරින් හා හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


හම්බන්තොට අඩවි වන ආරක්ෂක නිළධාරි විජයකුමාර මහතාට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය හා වනජීවි නිළධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබේ. 


හම්බන්තොට කැටැන්වැව ප්‍රදේශයේදී යතුරුපැදියකින් මුව මස් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට කැටැන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 


ජලය සොයා කැටැන්වැව වෙත පැමිණෙන මුවන් මදු තබා ඝාතනය කළ බවට  සැකකරුගෙන් වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර තිබේ.