ජවිපෙ විරෝධය විහාරමහා දේවී පිටියේ


ඡායාරූප ශාන්ත රත්නායක

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා රැලියක් අද සවස කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

නැගෙමින් පවතින ජාතිවාදයට මෙන්ම වර්තමාන ආණ්ඩුවේ ආර්ථික කොල්ලයට, වංචාවට සහ දූෂණයට එරෙහිව මෙය සංවිධානය කළ බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැලියට   ටිල්වින්
සිල්වා, බිමල් රත්නායක,  විජිත් හේරත්සහ ලාල්කාන්ත මහත්වරු ද සහභාගී වූහ.