ජවීපෙ විරු සමරුමක් අනුරාධපුරයේදී


(දයාරත්න ඇඹෝගම)

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද 48 වන අප්‍රේල් විරු සමරුම පක්ෂයේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) අනුරාධපුර කුබිච්චන්කුලම පිහිටි සිසිල උද්‍යානයේදි පැවැත්වුණි.

උතුරු මැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.