ජාත්‍යන්තර පාලි භාෂා දිනය පේරාදෙණියේ


(චමිල් රුපසිංහ)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලැබු ජයග්‍රහණයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවැසිය.

උපකුලපති වරයා මෙසේ පැවැසුයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් අද (20)  විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිර සම්මන්ත‍්‍රණ ශාලාවේදී  තෙවැනි වරටත් පැවැත්වු ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත‍්‍රණයේදී අදහස් දක්වමිනි.

මෙම පාලි භාෂා සම්මන්ත්‍රණය සඳහා ති‍්‍රපිටකය රචනා වී ඇති පාලි භාෂාව පිළිබඳ මෙන්ම තදීය දාර්ශනික ප‍්‍රස්තුතයන් පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විද්වත් කතිකාවතක් ගොඩනැගීමත්, පාලි භාෂාව මළබසක් සේ සලකන සාම්ප‍්‍රදායික ජන විඥානය වෙනස් කිරීමත් අරමුණු කරගත් මෙම සම්මන්ත‍්‍රණයට දේශීය මෙන්ම විදේශීය කිර්තීයට පත් විද්වත්හු එක්ව සිටියහ.