ජාත්‍යන්තර විද්වත් සමුළුව මහනුවරදී ඇරඹෙයි


(ප්‍රින්ස්රත්නයක)

හයවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව අද (3) සිට මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ඇරඹේ.  බදාදා (3) වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම අන්තර් ජාතික සමුළුවට විදේශීය පර්යේෂකයින් 15ක් හා දේශීය පර්යේෂකයින් 150ක් පමණ සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතය. 

ප්‍රධාන අරාධිතයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කලනමදුවගේ මහතා සහභාගී විය. විදේශීය ආරාධිත දේශකයන් ලෙස ඕස්ට්‍රේලියාවේ ජෙරම්බුල්ජන්ස්, කැනඩවේ රසල්ඩොඩ්ස්, යන මහාචාර්යවරු සහභාගී වු අතර කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය එච්.ඩී.ලක්ෂ්මන් මහතා ද විශේෂ ආරධිතයකු ලෙස එම අවස්ථාවට එක්විය.