ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රශයත් සමරයි


(සුනිල් ආනන්ද පැරීසියේ සිට) 
 
                  එක්සත් ජාතීන්ගේ 15  වැනි  ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති  කර ගෙන  ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය අනුග‍්‍රහයෙන් වසරකට වරක් පවත්වන වෙසක් උත්සවය මෙවරත් පැරීසියේ පිහිටි ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන්ද සමඟ පැවැත්විණි.

බෞද්ධ සංස්කෘතිය  මූලික කර ගත්  විවිධ ජාතීන්ගේ ජාතික සංස්කෘතික සංදර්ශනයක්ද ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සංස්කෘතික හා උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ මහතා, හා ප‍්‍රංශයේ  තානාපති බුද්ධි. කේ. ආතාවුද මහතාගේ  ප‍්‍රධානත්වයෙන්  පසුගිය  මෙම වෙසක් උත්සවය පැරීසීයේදී පැවැත්විණි.

  මේ සඳහා ශ්‍රී ලංකාවෙන් හා යුරෝපයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 57 නමක් වැඩම කර සිටියහ.
ආසියානු පැසිපික් කලාපයේ බෞද්ධ රටවල තානාපතිවරුද මෙම උත්සවයට සහභාගි වි සිටියහ.

                       ශ්‍රීලංකා යුද හමුදාවේ සංස්කෘතික නර්තන කණ්ඩායමේ නර්තන පැරීසියේ ජයමිණි ,ශ්‍රී ඬේසි ඩාන්සින් සහ සරසවි රංඟ කලායතන වල දරුවන්ගේ නර්තන හා විවිධ බෞද්ධ රටවල් වූ වියට්නාමය, මොංගෝලියාව, චීනය,  ඉන්දියාව, නේපාලය,  තායිලන්තය, කාම්බෝජය, ශ්‍රී ලංකාව යන රටවලට ආවේනික එම සංස්කෘතිය විදහා දැක්වූ නර්තනයන් ඇතුළත් ප‍්‍රදර්ශනයක්ද පැවැත් වුයේය.

පැරීසියේ වෙසෙන  දක්ෂ චිත‍්‍ර ශිල්පීන් දෙදෙනෙකු වන මහින්ද හේරත් හා ජගත් වික‍්‍රමආරච්චි විසින් නිර්මාණය කළ  බුදු ගුණ විදහා දැක්වෙන අනර්ඝ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක්ද මෙම උත්සවයට එක්  කර තිබිණි.