ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ගාලු මුවදොරදී


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

දරු දැරියන්ගේ පාසැල් නිවාඩු කාලය වෙනුවෙන් ටී.වී දෙරණ නාලිකාව ඇතුළු ආයතන කීපයක් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර සරුංගල් තරඟයක් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (20) පැවැත්විණි.

එම ජාත්‍යන්තර සරුංගල් තරඟය දැක බලා ගැනීමට පැමිණි පිරිස හේතුවෙන් ගාලු මුවදොර පිටිය සම්පුර්ණයෙන්ම පිරී ගොස් තිබූ අතර ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ගාලුපාර ද පොලීසිය විසින් වසා දමා තිබුණි.