ජාතික තෛපොංගල් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්


(රොමේෂ්  ධනුෂ්ක සිල්වා )  
ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (13) පැවැත්විණ.

හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කර තිබූ අතර උත්සවය ආරම්භ කරමින් හින්දු ආගමානුකුලව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මාහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව පිළිගත්හ. ජාතික ඒකාබද්දතා , රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් , අමාත්‍ය අර්ජුන රණතුංග , අමාත්‍ය දයා ගමගේ , ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.