ජාතික පුස්තකාලයේ 27 වැනි සංවත්සර උත්සවයෙන්


(ඡායාරූප - ශාන්ත රත්නායක)

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 27 වැනි සංවත්සරය  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානතත්වයෙන් ජාතික පුස්තකාලයේදී අද (4) පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ජි.බි.සේනානායක, ආචාර්ය ආතර් සී.ක්ලාක් යන අයගේ ආලේඛ්‍ය සිතුවම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් නිරාවරණය කෙරිණි. 

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා  ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ජි.ඩී.අමරසිරි  මහතා යන මහත්වරු  ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.