ජීව විද්‍යා පළමු තැන දකුණට - භෞතික විද්‍යා ජය උතුරට


වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඩිලිනි සඳුනිකා පළිහක්කාර ශිෂ්‍යාව විසින් හිමිකරගෙන ඇත. 

(ඡායාරූපය - ක්‍රිෂාන් ජීවක ජයරුක්)

උසස් පෙළ ප්‍රතිඵල අනුව භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් ද්වාකරන් සිසුවාට හිමිව ඇත. 

(ඡායාරූපය - සිතුම් චතුරංග)

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ රන්සිරිනි හෙට්ටිආරච්චි ශිෂ්‍යාවට හිමිව ඇත.

(ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්, සිතුම් චතුරංග, ජයසිරි පේදුරුආරච්චි)