ජෛව විවිධත්ව දිනය සමරා කඩොලාන පැළ 4000 ක් රෝපණය කරයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය සමරා පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදී කඩොලාන පැළ 4000 රෝපණය කිරීමට කටයුතු කළ බව පුත්තලම දිසා වන කාර්යාලය පවසයි.

 සෑම වසරකම අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සමරන අතර මෙවර ද ජාතික වැඩසටහන් පහක් ලංකාව පුරා ස්ථාන පහකදී ක්‍රියාත්මක කර තිබූ අතර එයින් වැඩසටහන් තුනක්ම පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්  අද (22) සංවිධානය කර තිබුණි. 

 පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩසටහන් වනාතවිල්ලුව පුබුදුගම, කල්පිටිය සේතපොල, හලාවත අඹකදවිල ප්‍රදේශයන්හි සංවිධානය කර තිබුණි.