ඥාණසාර හිමිට සෙත් පතා නුවරඑළියේ පාගමනක්



 
(ෂෙල්ටන් හෙට්ටිආරච්චි සහ ශාන්ත චන්ද්‍රසිරි)

                   
සිරගතව සිටින බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සෙත්පතා සංවිධානය කරනු ලැබු පා ගමනක් අද (17) දහවල්  නුවරඑළිය නගරයේදි පැවැත්විණි.


නුවරඑළිය අවට  විහාරස්ථානවල නායක භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ අනෙකුත් භික්ෂුන් වහන්සේලා, නුවරඑළිය නගර වැසියන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් නුවරඑළිය නගරයට පා ගමනින් පැමිණ නුවරඑළිය නගරය මැද්දේ පිහිටි විහාරස්ථානයේ දී උන්වහන්සේට සෙත්පතා පිරිත් සඡ්ඤයනාවක් ද පැවැත්විය.


රජය මඟින් සිදු කරගෙන යනු ලබන භික්ෂුන් වහන්සේලා දඩයම් කිරීම් වහාම නවතා දමන ලෙසත් බුද්ධ නීතියෙන් බැඳුනු බුදු පුතෙකුට සුද්ධාගේ නීතියෙන් පහර දෙන්නට ඉඩ නොතබන ලෙසත් පා ගමනේ යෙදුණු භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස් මෙහිදී පැවසුහ.