ඥානසාර හිමිට නිදහස ඉල්ලා කැලණියේ අධිෂ්ඨාන පූජාවක්


සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණිය ශ්‍රී විෂ්ණු දේවාලයේ සිට කැලණිය රජමහා විහාරය දක්වා පා ගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් කැලණිය රජමහා විහාරයේදී අද (4) අධිෂ්ඨාන පූජාවක් පැවැත්වූහ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් ඊට සහභගි වූහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)