ඥානසාර හිමියන්ට කාන්තන්කුඩියේදී උණුසුම් පිළිගැනීමක්


(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා කාන්තන්කුඩිය බද්රිය්යහ් ජුම්මා පල්ලියේදී ඊයේ (4) පැවැති විශේෂ වැඩසටහනේදී මුස්ලිම් ජනතාව එම කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගත්හ.
එම වැඩසටහනට එම බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය, එහි සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම්පිල්ලෙයි දයානන්දරාජා සහ යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්ම මහක්මීහූ ද සහභාගි වූහ.
විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් එම බලකාය පත්කරන ලදි.