ඥානසාර හිමියෝ පාස්කු දා තුවාලවූවන් බැලීමට යති


(ශාන්ත රත්නායක)

පාස්කු ඉරිදා දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (28) කොළඹ ජාතික රෝහලට වැඩම කර ඔවුන්ගේ සුවදුක් විමසූහ.

එහිදී උන්වහන්සේ ඔවුන්ට  පිරිත් නූල් ගැට ගසා ආශීර්වාද  කළහ.

එම අවස්ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධානයක විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු පිරිසක් සහභාගී වුහ.