ටැබේබුයා මල් පිපිලා



 
පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ ටැබේබුයා නැමැති ගස්වල මේ දිනවල අලංකාර ලෙස මල් පිපී තිබෙනු දක්නට ලැබේ.
 
උද්භිද උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව සමීපයේ පිහිටි ටැබේබුයා ගස් කීපයක ගස සම්පුර්ණයෙන්ම වැසී යන පරිද්දෙන් කහ පාට මල් ඉතාමත් අලංකාර ලෙස පිපී තිබේ.
 
විදේශීය ශාඛයක් වන ටැබේබුයා ගස්වල මෙම කාලයේදී කොළ වැටීගොස්  සම්පුර්ණයෙන්ම මල්වලින් පිරී යන බවත්, මෙසේ  මල් පිපී අලංකාර වී ඇති  ගස්  පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා පිරිස්වල විශේෂ අවධානය දිනා ගැනීමට සමත්ව ඇතැයි උද්‍යාන නිලධාරීන් පවසයි.

(ශාන්ත චන්ද්‍රසිරි)