ඩෙංගු මර්දනයට උතුරත් සැරසෙයි


(රොමේෂ් මධුෂංඛ)

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පොලීසිය මෙන්ම සාමාන්‍ය ජනතාව ද ඩෙංගු උවදුර මර්දනය කිරීමට විවිධ වැඩසටහන් ආරම්භ කොට ඇත.

රටටම බලපා ඇති ඩෙංගු උවදුර පිළිබඳව උතුරේ ජනතාව පූර්ණ දැනුවත් කිරීම් කටයුතු උතුරු පළාත් සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ කටයුතු සිදු වන අතරම සෑම ප්‍රදේශයකම මංමාවත්, ඇල මාර්ග අවට හා කාණු පද්ධති ද පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි.

උතුරු පළාතේ වැඩිම ඩෙංගු අවදානමක් ඇති වව්නියාව දිස්ත්‍රීක්කයේ ඩෙංගු මර්ධනය කිරීම සඳහා ද බලධාරීන් විසින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති අතර ඒ සඳහා වව්නියාව පොලීසියේද සහාය ලැබී ඇත.

වව්නියාව මූලස්ථාන පොලීසය හා වැසියන් පිරිසක් එක්ව වව්නියාව නගරයේ ඇතුළු කාණු පද්ධති පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබුණි.