ඩොල්පින් මත්ස්‍ය සිරුරක් කල්පිටි වෙරළට


(පද්මා කුමාරී කංකානම්ගේ )


කල්පිටිය සින්නකුඩිරිප්පුව ධීවර තොටුපළට අද (22) අලුයම අඩි දහයක් පමණ දිග, අඩි හතරක් පමණ පළල මත්ස්‍යයකු ගොඩ ගසා ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 

මෝර මුල්ලා හෙවත් මෝර ඩොල්පින් වශයෙන් හදුන්වන මෙම මත්ස්‍යා ඩොල්පින් මත්ස්‍යාට වඩා, බුද්ධිමත්ය.

මුහුදේ වසන මෙම මත්ස්‍යා දිය වැලකට හසුව කලපුවට පැමිණ ඇති බවත් කලපුවේ ජල සාණ්ද්‍රණයේ විෂමතාව නිසා මිය යන්නට ඇතැයි ධීවරයෝ අනුමාන කරති.