තන්තිරිමලේ ආලෝක පූජාව 17 වරටත් පැවැත්වෙයි


(මනුල වික්‍රම)
 
විජය පුවත්පත් සමාගම හා ලංකාදීප පුවත්පත මඟින් තන්තිරිමලේ පුද බිමේ සංවිධානය කරන ලද පොසාන් ආලෝක පූජාව මෙවරද 17  වැනි වරට  ඊයේ (05) රාත්‍රීයේ  පැවැත්විණි.
 
විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන  මහතා , අනුරාධපුර අතිරේක දිසාපති රුවන් නවරත්න මහතා , විලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජිරිකා සී චන්ද්‍රදාස මහත්මිය  ඇතුළු පිරිස  තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර උපප්‍රධාන සංඝනායක නාහිමි ඇතුළු  මහ සඟරුවනේ සෙත්පිරිත් සජ්ඣායනා මැද විදුලි ආලෝකය දැල්වූහ.
 
ආලෝක පූජාවට සමාමීව රටට සෙත්පතා ආශිර්වාද පිරිත් දේශනාවක් ඇතුළු ආගමික වතාවන් රැසක් ද එම පුදබිමේ දී පැත්විණි. එහි අවස්ථා කිහිපයක් පහත පරිදි  දැක්වේ.