තන්තිරිමලේ ලංකාදීප ආලෝකයෙන් ඒකාලෝක වෙයි


(බිඟුන් මේනක ගමගේ, ඡායාරූප - ඉෂාන් සංජීව)

විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත එක්ව සංවිධානය කරන තන්තිරිමලේ ආලෝක පූජාව අද(8) 14 වැනි වරටත් පැවැත්විණි.

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආලෝක පූජාව ආරම්භ කෙරුණු අතර ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, පී.හැරිසන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

තන්තිරිමලේ ආලෝක පූජාව අද සිට දින 3ක් පුරා පැවැත්වීමට නියමිතය.