තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් තම්බපණ්නිය යටවෙයි


හිරාන් ප්‍රියංකර ජයසිංහ

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ම විවෘත කිරීමත් සමඟ තම්බපණ්නිය  ගම්මානය සම්පුර්ණයෙන් ජලයෙන් යටවූ බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතා පවසයි.

ජලයෙන් කොටුව සිටි පවුල් 65 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂීතව තබ්බෝව විහාරස්ථානයේ තාවකාලික අවතැන් කඳවුරේ රුඳවු බවත් එම පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඇති බවත් ලේකම්වරයා  පැවසිය.