තරණගල කඳුවැටියේ ගින්න නිවා දමයි


 

(ශාන්ත චන්ද්‍රසිරි)

දින දෙකක් පුරා ගිනි ගනිමින් පැවැති පන්විල පොලිස් බල ප්‍රදේශයට අයත් තරණගල කඳු වැටියේ ගින්න සම්පුර්ණයෙන්ම නිවා දමා පාලනය කිරීමට අද (14) සවස වනවිට පියවර ගෙන තිබේ.

නකල්ස් ලෝක උරුම වනාන්තර පද්ධතියේ පරිවාර කඳු පන්තියක් ලෙස සැළකෙන තරණගල කන්ද විශේෂ පරිසර පද්ධතියකින් සමන්විත කඳු පන්තියක් ලෙස සැලකේ.

දින දෙකක් පුරා ඇවිලී ගිය ගින්නෙන් මෙම කඳු වැටියේ විශාල බිම් ප්‍රදේශයක් ගිනි ගෙන විනාශයට පත්ව ඇති බවත්, නකල්ස් අපි සංවිධානයේ තරුණ පිරිස් හා එම කඳු පන්තිය අවට පදිංචි තරුණ පිරිස් එකතුව දින දෙක පුරාවටම දැඩි වෙහෙසක් ගෙන ඇවිලි ගිය ගින්න පාලනය කර නිවා දැමීමට පියවර ගත් බව නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදි සමින්ද විදානගේ මහතා පැවැසීය.

මේ සම්බන්ධව අදාල බලධාරීන් දැනුවත් කරන ලද බවත්, ඔවුන් ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තම සංවිධානයේ හා ඒ අවට ප්‍රදේශයේ තරුණ පිරිස් ඒකාරාශි කරගෙන ගින්න නිවා දැමීමට කටයුතු කරන ලද බවත්, ඇදිරි නීතිය පනවා තිබියදී තරුණ කණ්ඩායටම මෙම කටයුත්ත බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා පන්විල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති සම්පත් වීරසේකර හා පන්විල පරිසර කමිටුවේ සභාපති සුදන්ත ලියනගේ යන මහත්වරුන් විශේෂ දායකත්වයක් දැක්වු බවද විදානගේ මහතා වැඩිදුරටත් කීය.