තවත් කඳුකර කොටියෙක් මන්දකට හසුවෙයි


(රංජිත් රාජපක්ෂ) 

 
කඳුකර කොටියකු අද (15)  මන්දකට හසු වී ඇති බවත්, කොටියා මන්දෙන් මුදා බේරා ගැනීමට කටයුතු කරන ලෙස නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දුන් බවත් බගවන්තලාව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලදු කැළෑවක මන්දකට හසු වු කඳුකර කොටියා සිර වී සිටින බව පොලිසිය කියයි.

තේ වත්තේ ළදු කැළෑවේ තෘණ කැපීමට ගිය වතු කම්කරුවෙකු විසින් මන්දට හසු වු කොටියා දැක ඒ පිළිබඳව පොලිසිය වෙත දැනුම් දි ඇත.

සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට කඳුකර කොටියා හසු වන්නට ඇති බව වනජිවි නිලධාරිහු සැක පළ කරති.