ත්‍රිකුණාමල-මහනුවර මාර්ග වසා උද්ඝෝෂණයක්


(අමදෝරු අමරජීව)

ත්‍රීකුණාමලය සර්ධාපුර දී  මෝටර් රථයක ගැටී මියගිය තිදරු  පියාගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ඔහුගේ ඥාතීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිිරිසක් ත්‍රීකුණාමලය - මහනුවර ප්‍රධාන මාර්ගය සර්ධාපුර ප්‍රදේශයෙන් මාර්ගය මැද මළ සිරුර තබා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර වූ අතර දිගු වාහන පොලිම් දක්නට ලැබිණි. පෙරවරු 10ට පමණ ආරම්භ වූ මෙම උද්ඝෝෂණය දහවල් 1.00  තෙක් පැවැතිණි.

මාර්තු 30 වැනි දා සිදු මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඒ.එම්.අන්තෝනි  සාමි (49) නමැති තිදරු පියෙකි. යතුරු පැදියෙන් ගමන් ගත් මරණ කරු දුරතකන ඇමැතුවක් හේතුවෙන් යතුරු පැදිය මාර්ගය අයිනේ නතරකර කතාකරමින් සිටියදි මෙම අනතුර සිදු ඇත.