ත්‍රිරොද රියේ ගිය හතරක් දුම්රියට බිලි - වීඩියෝ


 

(ඩී.ජී.සුගතපාල, ගාමිණි මහදුර, සුමතිපාල දීයගහගේ සහ සිරංගිකා ලොකුකරවිට)

බූස්ස වැල්ලබඩ  දුම්රිය හරස් මාර්ගයේදි බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වු  සිඝ්‍රගාමි දුම්රියේ අද (01) පෙරවරුවේ  ත්‍රි රෝද රථයක් හැපි ත්‍රි රෝද රථයේ සිටි එකම පවුලේ සිව් දෙනෙකු  මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුස්ස පරණවත්ත පදිංචිව  කාලිංග ජිනදාස පියා(85)  කාලිංග සුනිමල් පුතා (46) පුතාගේ බිරිඳ මෙරෙඤ්ඤ ලසිකා කුමාරි මෙන්ඩිස් (48) සහ ලසිකා කුමාරිගෙ අම්මාවන මනිමෙල්දුර ඒමිස්හාමි(83) යන සිව්දෙනා වෙති.

ඉඩම් ඔප්පුවක් ලිවිම සඳහා ඔවුන් ගාල්ලට යාමට  පැමිණ ඇති බවත් ත්‍රි රෝද රථය පුතා විසින් පදවාගෙන පැමිණ ඇති බවත් ඔහු  අනතුරු සංඥා නොතකා දුම්රිය අනාරක්ෂිත මාර්ගය හරහා ධානවය කර ඇති බවත් අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.

(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)

(ඡායාරූප: ගාමිණී මහදුර)