ත්‍රිරෝදයේ රියැදුරා බොනට්ටුවේ අමුණා රැගෙන ගිහින්


(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මෝටර් රථයකින් පැමිණ හෝමාගම හබරකඩ මංසන්ධියේ කසල බෑගයක් දමා යාමට සැසෙද්දී ඊට එරෙහි වූ ත්‍රී රෝද රථ රියැදුන් කිප දෙනකු හප්පා එක් රියැදුරකු මෝටර් රථයේ බොනට්ටුව මත වැටුණු පසු ඔහුත් රැගෙන කීලෝ මීරයක් දුර රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.  

එලෙස පලා යද්දී පනාගොඩදී යතුරු පැදියක ගැටී මෝටර් රථය නතර වී ඇති අතර ඒ අවස්ථාවේ පිටුපසින් පාන්නා ආ ත්‍රිරේද රථ රියැදුන් පිරිසක් ඔහු අල්ලා පොලිසිය බාර දි ඇත. තුවාලකරු රෝහලට රැගෙන ගොස් ඇත.

බොනට්ටුව මත කිලෝමීටර්යක පමණ දුරක් ගිය ත්‍රී රෝද රථ රියදුරු ඔරුවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත්  රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

හබරකඩ මංසන්ධියේ සුසාන භූමිය අසල කසල පාර්සලයක් විසිකර නැවත යාමට සැරසීමේදී ඒ අසල ත්‍රීරෝද ගාලෙහි සිටි රියදුරන් කිහිප දෙනකු  විසි කළ කසල බෑගය නැවත රැගෙන යන ලෙස මෝටර් රථයෙහි රියදුරුට දැනුම් දී ඇත. ඒ අවස්ථාවේදී මෝටර් රථය පණ ගන්වා ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනඑකු ද හප්පා පලා යාමට සැරසීමේදී එක් ත්‍රී රෝද රියදුරකු මෝටර් රථයේ බොනට්ටුව මත ට ඇද වැටී ඇත.  එලෙස බොනට්ටුව මත වැටුණු පුද්ගලයා ද සමගින් මෝටර් රථය වේගයෙන් ධාවනය කර ඇත. 

අත් අඩංගුවට ගත් සැකකරු හෙට (04) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ

(ඡායාරූපය: කේ බුද්ධික කුමාරසිරි)