තායි දරුවන් වෙනුවෙන් බෝධිපුජාවක් ගංගාරාමයේ


ළහිරු හර්ෂණ
 
තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාටත් ඔවුන්ගේ පුහුණුකරුට සහ බේරාගැනීමේ මෙහෙයුමේදී මියගිය කිමිදුම්කරුවා වන සමන් කුනන් මහතාට සෙත් පතා බෝධි පූජා පිංකමක් අද (10) කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානෙයේ දී පැවැත්විණි.


විහාරාධිපති ආචාර්ය ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරුණු පිංකම සඳහා විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහාභාගී වී සිටි අතර කොළඹ තායිලන්ත තානාධිපතිනිය චූලාමනී චන්සුවන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.