තායි භික්ෂු 41 නමක් සාම පාගමනක


(ජුඩ් සමන්ත)

තායිලන්තයේ සිට මෙරටට වැඩම කරන ලද ස්වාමීන් වහන්සේලා 41 නමක් සහ තායි ජාතිකයින් 20 දෙනෙක් කටුනායක සිට මිහින්තලය දක්වා සාම පා ගමනක් ආරම්භ කර ඇත.

එහි දෙවැනි දිනය මාරවිල - මූදුකටුවේ පිහිටි ද සොයිසා රාම විහාරස්ථානයෙන් ආරම්භ විය. මෙම පාගමන ලබන 5 වැනි දා මිහින්තලේ පුද බිමෙන් අවසන් වීමට නියමිතය.

මෙරට සර්ව ආගමික සහජීවනය ඇති කිරීම මෙම පාගමනේ අරමුණ බව එහි සංවිධායකයකු වූ වොයෙජස් ලංකා ආයතනයේ මනෝ සිල්වා මහතා සඳහන් කළේය.