තායි හිමිවරු දඹුල්ලේ පාද චාරිකාව


(කාංචන කුමාර ආරියදාස)
 
තායිලන්තයෙන් පැමිණ ශ්‍රී ලංකාවේ ධර්මදූත සේවාවේ එක්ව සිටින තායි ශ්‍රී ලංකා  වන්දනා පාද චාරිකාවේ භික්ෂූන් වහන්සේලා දඹුලු රජමහා විහාරය වැදපුදා ගැනීම අද (25) සිදු කෙරිණි.

මේ අවස්ථාවේ කණ්ඩලම ප්‍රදේශයේ සිට පාගමනින් තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 47 නමක් භික්ෂුණින් වහන්සේලා 5 නමක් පෙරහරකින් දඹුලු රජමහ විහාරයට වැඩම කළහ.

මඟ දෙපස එක්වූ දඹුලු ජනතාව දහම් පාසල් සිසු සිසුවියන් උන්වහන්සේලාට වැඳ නමස්කාර කර පිරිකර පූජා කිරීම සිදු කළේය.

කොළඹ සිට පාගමනින් වැඩම කරවීමේ දී උන්වහන්සේලාගේ පාදවල දියපට්ට දැමීම සහ අධික අව් රශ්මිය නිසා සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීමට කෙසෙල් කොළ පාවඩ එලා උන්වහන්සේලාට  වැඩම කිරීමට  ඉඩ සැලැස්වීම  විශේෂත්වයකි.

ඇතැම් පිරිස් උන්වහන්සේලාගේ පාදවල විවිධ තෙල් වර්ග ආලේපනය කරන අයුරු ද දැක ගැනීමට හැකි විය.උන්  වහන්සේලාට මග දෙපස සිට කුරුම්බා ලොඳ ආදී ආහාර පාන දන් දීමට ද අමතක නොකළහ.