තායිලන්ත යුද නැව් තුනක් ශ්‍රී ලංකාවේ


සිරංගිකා ලොකුකරවිට

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ ''බන්පාකොන්", "මකුත්‍රාජකුමාන්" සහ ''පට්ටනී" නමැති යුද නෞකා තුනක් පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.


තායිලන්ත රාජකීය නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරී පුහුණු ඒකකයේ ආඥාපති රියර් අද්මිරාල් සොම්පොන් පූවිආන්ග් මහතා ඇතුළු නිලධාරීන් බටහිර නාවික විධාන මූලස්ථානයේ දී විධාන ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවී සුහඳ කතාබහක නිරතව සමරු තිළිණ හුවමාරු කරගන්නා ලදී.


ඉන් අනතුරුව ඔවුන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවී ද්විපාර්ශවීය වශයෙන් වැදගත්වන්නා වූ කරුණු කිහිපයක් සාකච්ඡා කළ බව ද නාවික හමුදාව පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට තායිලන්ත යුද නැව්වලින් පැමිණි නිලධාරීන් සහ ශිෂ්‍යභටයන් සහභාගී වීමට නියමිතය.


මෙම නෞකා ත්‍රිත්වය අප්‍රේල් මස 09 වැනි දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බව ද නාවික හමුදාව පවසයි.