තායිලන්ත රජු වෙනුවෙන් ආගමික උත්සවයක්


(ඡායාරූප - ගයාන් අමරසේකර)

තායිලන්තයේ X වැනි වජිරලොන්ග්තොන් රාමා රජුගේ මෞලි මංගල්‍යය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ තායි තානාපති කාර්යාලය සංවිධානය කළ බෞද්ධ ආගමික උත්සවයක් අද (04) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී චුලමනේ චාරිට්සුවාන් මහත්මියගේ මූලිකත්වයෙන්, එතුමියගේ නිලනිවසේදී පැවැත්විණි.

එහිදී කොටහේන දීපදූත්තමාරාමාධිපති ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානාහිමියෝ ආගමික වතාවත් සිදුකළහ.