තායිලන්ත හිමිවරු පා ගමනින් අනුරපුරේ


(දයාරත්න ඇඹෝගම)

ලංකාවට සාමය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් තායිලන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇතුලු දුත කණ්ඩායමක් කටුනායක සිට අනුරාධපුරයට පා ගමනින් වැඩම කර සිටිති.

මෙම දුත කණ්ඩායම සඳහා තායිලන්ත භික්ෂුන් වහන්සේලා 41 නමක්ද උපාසක උපාසිකාවන් 20 දෙනෙක් ද එක්ව සිටිති.

පසුගිය 18 වැනි දා තායිලන්තයෙන් කටුනායකට පැමිණි මෙම පිරිස පා ගමනින්ම පසුගිය 29 වැනි දා අනුරාධපුරයට ළඟාවිය.

මෙදින සිට අනුරාධපුරයේ රැදි සිටි භික්ෂුන් වහන්සේලා අනුරාධපුරයේ ශ්‍රි මහ බෝධිය ඇතුලු අටමස්ථානය වන්දනා කර ගැනීමෙන් පසු අද (1)  අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා නැවත පා ගමනින් වැඩම කර මිහින්තලයේ රජමහා විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත් වලටද එක්විය.

මිහින්තලයෙන් මෙම ආශිර්වාද පා ගමන නිමවන අතර මිහින්තලයෙන් නුවර බලා දුත පිරිස බස් රථවලින් දළදා වහන්සේ වැද පුදා ගෙන නැවත කටුනායකට ගොස් තායිලන්තය බලා පිටත්විමට නියමිතය.