තැන ආර්ථිකය ගැන වුණත් කමකට නැති වැසිකිළි කැසිකිළි


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයේ පහසුකම් නොමැතිවීමෙන් වගාකරුවන්, වෙළඳසැල් හිමියන් හා එළවළු මිලදී ගැනීමට පැමිණෙන පිරිස් දැඩි අසීරුතාවයට පත්වී තිබේ.

රටේ එළවළු අවශ්‍යතාවයෙන් 40% කට ආසන්න දායකත්වයක් කල්පිටිය අර්ධද්විපයේ වගා බිම් වලින් ලබාදීම සිදුවේ.

දළුව, මාම්පුරිය, ඉලන්තඩිය , ආලංකුඩා, පනිඅඩිය, නොරෝච්චෝල, සේතපොල, කන්දකුලිය, තෙලිය, තලවිල,පාලකුඩා, ඇතුළු ප්‍රදේශ රැසක අක්කර 20,000 වැඩි බිම් ප්‍රමාණයකින් දෛනිකව එළවළු කිලෝ ලක්ෂ දෙකකට අධික  අස්වැන්නක් රට පුරා බෙදාහැරීම සිදුවන්නේ නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයෙනි.