තුන්පත් රටා ස්වර දැහැනට ජනපතිත් එක්වෙයි


(නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය)

කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීන ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් ,නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන, සමගින් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත උපහාර පිදීමේ උළෙල අද (24) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත විශේෂ සම්මාන තිළිණ පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

සවන රැඳි ගීත රසික සංසඳය විසින් මෙය සංවිධානය කර තිබුණි.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල යන මහත්ම මහත්මින් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.